ඉම්රාන් ඛාන්ගේ දැවැන්ත විරෝධතාවට පෙර සහෝදරිය අලීමා ඛාන් අත්අඩංගුවට

0
19

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස බලකරමින් ලබන සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතාවට පෙර, ඔහුගේ සහෝදරිය වන අලීමා ඛාන් (Aleema Khan) අත්අඩංගුවට ගෙන තිබේ.

ලාහෝර් නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ නියෝගයක් මත ඊයේ (20) අත්අඩංගුවට ගත් ඇය, සමාජ මාධ්‍ය හරහා මහජනතාව කුපිත කළ බවට එල්ල වූ චෝදනා මත දින 30ක කාලයක් සඳහා ලාහෝර් හි කොට් ලක්පට් බන්ධනාගාරයේ රඳවා තැබීමට නියමිතය.

ඉම්රාන් ඛාන්ගේ ‘පාකිස්ථාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ (PTI) පක්ෂය විසින් ඉස්ලාමාබාද් දක්වා සංවිධානය කර ඇති මෙම විරෝධතාව වැළැක්වීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, නගරයට පිවිසෙන මාර්ග කන්ටේනර් යොදා වසා දමා ඇත.

2023 සිට සිරගත කර සිටින 73 හැවිරිදි ඉම්රාන් ඛාන් මහතාට විධිමත් අධිකරණ හා පවුලේ හමුවීම් අහිමි කර ඇති බවටද පක්ෂය වැඩිදුරටත් චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here