ඉන්දීය විදේශ ඇමති ජයිශංකර් කියෙව් නුවරට

0
10

යුක්‍රේනයේ පවතින යුදමය වාතාවරණය අවසන් කර සාමය උදාකිරීම සඳහා ඕනෑම අයුරකින් සහාය වීමට ඉන්දියාව සූදානම් බව, කියෙව් නුවරදී යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයෙකු යුක්‍රේනයේ සිදුකළ පළමු නිල ද්විපාර්ශ්වික සංචාරය ලෙස සලකමින් ඔහුව උණුසුම් ලෙස පිළිගත් යුක්‍රේන විදේශ අමාත්‍යවරයා, ඉන්දියාව ගෝලීය බලවතෙකු ලෙස පෙන්වා දෙමින් යුද්ධය අවසන් කිරීම උදෙසා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ කැපවීම අගය කළේය.

රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් සමඟ මොස්කව් නුවර පැවැති 27 වැනි ඉන්දු-රුසියා අන්තර් රාජ්‍ය කොමිෂන් සභාවට සහභාගී වී සතියකට පමණ පසුව ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම යුක්‍රේන සංචාරය සිදුවීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here