ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඊජිප්තුවට

0
160

NEWSNOW – ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, ඊජිප්තුව බලා පැමිණියේය.

මෙම සංචාරයේ දී ඊශ්‍රායල පලස්තීන අර්බුදය, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ රුසියන් යුක්රේන යුද්ධයෙන් එල්ල වන බලපෑම සම්බන්ධයෙන් මැදපෙරදිග කලාපයේ නායකයන් සමඟ බ්ලින්කන් සාකච්ඡා පවත්වනු ඇත.

ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයාට ඊජිප්තු ජනාධිපති අල් සීසීගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඊජිප්තු සංචාරයෙන් පසු බ්ලින්කන් ඊශ්‍රායලයේ ජෙරුසලම බලා යෑමට නියමිත බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී හොඳ හිත වර්ධනය කර ගැනීමට නියමිත බවත් පැවැසෙයි.

යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් වී නව රජයක් පිහිටුවීමෙන් පසු ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවන පළමු අවස්ථාව මෙයයි.

ඊශ්‍රායල සංචාරයෙන් අනතුරුව, ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පලස්තීනයට ගොස් පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් හමුවීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ