ඇමරිකා එක්සත් ජනපදය තුළ සේවය කරන විදේශීය සේවකයන් සඳහා නිත්‍ය පදිංචිය (Green Card) සඳහා අනුග්‍රහය දැක්වීමේ පහසුකම සපයන ප්‍රධාන රාජ්‍ය වැඩසටහනකින් ලොව ප්‍රමුඛපෙළේ තාක්ෂණික සමාගම් 8ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඇමරිකානු රජය පියවර ගෙන තිබේ.
රැකියා පදනම් කරගත් විදේශිකයන් බඳවා ගැනීමේ වීසා නීති අවභාවිත කිරීම වැළැක්වීම සහ ඇමරිකානු ජාතිකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මෙම තීරණය ගෙන ඇත.
බලපෑමට ලක්වූ සමාගම් 8.
-
Microsoft
-
Adobe
-
Tata Consultancy Services (TCS)
-
Infosys
-
Wipro
-
HCL Technologies
-
Cognizant
-
Capgemini
මෙම විශේෂ තීරණය ඇමරිකානු කම්කරු ලේකම් කීත් සොන්ඩර්ලින්ග් (Keith Sonderling) සහ උප සභාපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) විසින් ඔක්තෝබර් 08 වන දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
තහනමේ ස්වභාවය සහ බලපෑම
මෙම නියෝගයත් සමඟ ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන PERM (Permanent Labor Certification) වැඩසටහන යටතේ අදාළ සමාගම් 8 විසින් ඉදිරිපත් කරන නව අයදුම්පත් භාරගැනීම සහ දැනට සමාලෝචනය වෙමින් පවතින අයදුම්පත් සැකසීම සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත.
කෙසේ වෙතත්, මෙම තහනම මගින් දැනට භාවිත වන H-1B වීසා බලපත්‍ර අහෝසි වීමක් සිදු නොවන අතර, අදාළ සමාගම්වල දැනට සේවය කරන විදේශීය ශ්‍රමිකයන්ට සේවයේ රැඳී සිටීමට බාධාවක් නොවේ. නමුත්, ඔවුන්ට ඇමරිකාව තුළ නිත්‍ය පදිංචිය (Green Card) ලබා ගැනීමේ ප්‍රධාන මාර්ගය මෙයින් තාවකාලිකව වැසී යයි.
තීරණයට හේතු වූ කරුණු
ඇමරිකානු තාක්ෂණික ක්ෂේත්‍රය තුළ දේශීය සේවකයන් රැකියාවලින් ඉවත් කරමින් (Layoffs) අධික ලෙස විදේශීය ශ්‍රමිකයන් මත යැපෙන බවට වර්තමාන ඇමරිකානු පාලන අධිකාරිය චෝදනා කරයි.
මෙහිදී විශේෂයෙන් මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම දැඩි ලෙස විවේචනය කළ උප සභාපති ජේ.ඩී. වෑන්ස්, ඇමරිකානු ජාතිකයන් රැකියාවලින් ඉවත් කරන අතරතුර මෙලෙස විදේශිකයන්ට ග්‍රීන් කාඩ් අනුග්‍රහය දැක්වීම ප්‍රශ්න කර සිටියේය.
රජයේ වාර්තාවලට අනුව, 2009 වසරේ සිට මේ දක්වා මෙම සමාගම් 8 විසින් විදේශීය ශ්‍රමිකයන් ලක්ෂ 30කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අයදුම් කර ඇති අතර, H-1B වීසා අනුමැතීන් 230,000කට වැඩි ප්‍රමාණයක්ද ලබාගෙන ඇත.
සමාගම් දක්වන අදහස්
මයික්‍රොසොෆ්ට් සමාගම මෙම චෝදනා හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය මූල්‍ය වර්ෂය තුළ තමන් ඉදිරිපත් කළ H-1B අයදුම්පත්වලින් 80%ක්ම නව සේවකයන් බඳවා ගැනීමට නොව, දැනට සේවයේ නියුතු සේවකයන්ගේ වීසා කාලය දීර්ඝ කරගැනීමට අදාළ ඒවා බවයි.
මෙම අත්හිටුවීම හේතුවෙන් ඇමරිකාවේ දීර්ඝකාලීන රැකියා නියුක්තිය සහ නිත්‍ය පදිංචිය බලාපොරොත්තුවෙන් සිටින දහස් සංඛ්‍යාත විදේශීය තාක්ෂණික ශ්‍රමිකයන්ගේ ඉදිරි අනාගතය දැඩි අවිනිශ්චිතතාවයකට ලක්ව තිබේ.

