ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව ලකුණු 124කින් පරදා ඉන්දියාව ක්‍රිකට් රන් පදක්කම් සටනේ අවසන් මහා තරගයට

0
11

20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ඒ, දෙවන අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 124ක දැවැන්ත පරාජයකට ඇද දමමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 9.5ක් තුළදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 45ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here