ආසාදිත සෛල වලින් HIV ඉවත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වෙයි

0
134

NEWSNOW | – ආසාදිත සෛල වලින් HIV ඉවත් කිරීමට විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

නොබෙල් ත්‍යාගයෙන් සම්මාන ලැබූ Crispr නම් ජාන තාක්ෂණය ඒ සඳහා යොදාගෙන තිබේ.

එම තාක්ෂණය මගින් ආසාදිත සෛල වල DNA ඉතා කුඩා කොටස්වලට විච්ජේදනය කර ඉවත් කිරීම හෝ අක්‍රිය කිරීම සිදු කරනු ලබන අතර ඒ ඔස්සේ යමෙකුගේ සිරුරේ ඇති වෛරස සම්පූර්’ණයෙන් ඉවත් කළ හැකි බව විද්‍යාඥයෝ පවසති.

නමුත් එහි ආරක්ෂාකාරී බව සහ ඵලදායී බව සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

දැනට භාවිතයේ ඇති HIV ඖෂධ මගින් වෛරසය පැතිරීම නැවැත්විය හැකි වුවත් එය සිරුරෙන් ඉවත් කිරීමට අසමත්ව තිබේ.