ආසන සංවිධායක රැස්වීමට ආපු චන්ද්‍රිකාට ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේදී විරෝධයක්

0
363

NEWSNOW | COLOMBO – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අද (07) පැවති ආසන සංවිධායක රැස්වීම සඳහා සහභාගී වූ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට පක්ෂ මූලස්ථානයේදී විරෝධයක් එල්ල විය.

පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ බණ්ඩාරනායක මහත්මියට රැස්වීම සඳහා ආරාධනා කර නොතිබූ බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද කැඳවා තිබුණි.

නමුත් අසනීප තත්වයක් හේතුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට සහභාගි වී නැත.

එම රැස්වීමට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂ මූලස්ථානයට අද පැමිණි අතර එහිදී ආසන සංවිධායකවරු පිරිසක් ඇයට විරෝධය පළ කර තිබේ.

අනතුරුව ඇය එම ස්ථානයෙන් පිටව ගියේය.

පසුව පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී එම සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  අදහස් දැක්වූ අතර එහිදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ පක්ෂයේ නිර්මාතෘවරයා ගේ දියනීය වුවත් පක්ෂයේ නිර්නායක වලට පිටින් ක්‍රියා කරනා නම් එයට එරෙහිව කටයුතු කරන බවයි.