තමන් සතු විධායක බලය හෝ රජය සතු කිසිදු බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයින් සමඟ ඊයේ (12) පස්වරුවේ පැවැති හමුවකදීය.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, රටේ වෙනසක් සිදුකිරීමේදී අවදානම් භාරගැනීමට තමන් සූදානම් බවයි. තම ධුරය අහිමි වීමේ අවදානමක් ඇති වුවද, එය භාරගෙන ධුරයෙන් ඉවත්වීමට තමන් සූදානම් බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
“මගේ විධායක බලය හෝ අප සතුව තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත කරන්නේ නැහැ,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
වෙනසක් සිදුකිරීමේදී අවදානමක් දැරීමට සිදුවන බවත්, එවැනි අවදානමක් නොගෙන වෙනසක් සිදුකළ නොහැකි බව තම විශ්වාසය බවත් ඔහු සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙත පරීක්ෂණ පැවරීමද එවැනි අවදානමක් දරා සිදුකරන ක්‍රියාවක් බව ජනාධිපතිවරයා පැවසීය.
තම තනතුර අහිමි වුවහොත් එය ඉතා හොඳින් භාරගෙන ධුරයෙන් ඉවත්වීමට තමන් සූදානම් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

