අවදානම් නිවේදන නොතකා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් හලාවතදී අනතුරක

0
7
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිරන්තරයෙන් අවදානම් නිවේදන නිකුත් කර තිබියදී මුහුදු ගිය ධීවර යාත්‍රාවක් හලාවත මෝය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් ධීවරයෙකු අතුරුදන් වී තිබේ.
අද (20) අලුයම 6.00 ට පමණ සිදු වූ මෙම අනතුරින් අතුරුදන්ව ඇත්තේ හලාවත සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකි. ‘රශිමික පුතා’ නමැති අදාළ බෝට්ටුවෙන් ඊයේ (19) දහවල් මුහුදු ගිය ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකු බේරා ගැනීමට හැකිවී ඇති අතර, ඔහු සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසියට පැමිණිලි කර ඇත.
අතුරුදන් වූ ධීවරයා සොයා ප්‍රදේශයේ ධීවර යාත්‍රා කිහිපයක් එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, මුහුද රළු වන බවට අනතුරු අඟවා ඇති මොහොතක මෙලෙස මුහුදු යාම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here