අමෙරිකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය ප්‍රථම වතාවට ඩොලර් ට්‍රිලියන 40 සීමාව පන්නයි

0
8

අමෙරිකා එක්සත් ජනපදයේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් ට්‍රිලියන 40 සීමාව පසුකර ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වාර්තා තහවුරු කරයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ වත්මන් මුළු ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 40.04ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් දැරීමට සිදුවූ අධික පිරිවැය, ඉහළ ගිය පොලී ගෙවීම්, බදු සහන මෙන්ම කොවිඩ් වසංගත සමයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලන සමයන්හි ලබාදුන් ආර්ථික සහන සම්ප්‍රදායන් මෙලෙස ණය බර ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here