පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල පිහිටි සියලුම පාසල් අද(25) දිනයේ වසා තැබීමට තීරණය කර ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනය කරයි.
මධ්‍යම පළාතේ සසුන් අනෙකුත් අධ්‍යාපන කලාපවල පවතින ප්‍රදේශීය කාලගුණික තත්ත්වය සලකා බලමින්, පාසල් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය අදාළ කලාපීය අධ්‍යාපන බලධාරීන් වෙත පවරා ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එබැවින් පාසල් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අදාළ අධ්‍යාපන බලධාරීන් විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙස දෙමාපියන්ගෙන් සහ සිසුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

