අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

0
1

පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. අද (14) සවස 4:00 සිට හෙට (15) සවස 4:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.

ඒ අනුව, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා මට්ටම් 2 (අවධානම් හෝ ඇම්බර්) යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මීට අමතරව, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් සඳහා මට්ටම් 1 (විමසිලිමත් වීමේ) නිවේදනද නිකුත් කර තිබේ.

අධික වර්ෂාපතනයත් සමඟ කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශවල පදිංචි ජනතාව නායයෑම් සහ පස් කඩා වැටීමේ අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, යම් හදිසි අනතුරුදායක අවස්ථාවකදී වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානමින් සිටින ලෙසත් ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here