අමෙරිකානු මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵලය පිළිගැනීමට සහ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ වැඩ කිරීමට සූදානම් – ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

0
25

අමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් එය සම්පූර්ණයෙන්ම පිළිගැනීමට තමන් සූදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කරන අතර, මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව ඩිමොක්‍රටික් පක්ෂය සමඟ ද සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත. “අපි ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්ව කටයුතු කරනවා.

ඔවුන් සමග වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බොහෝ විට අපට යම් එකඟතාවකට පැමිණීමට හැකි වේවි” යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here