අමෙරිකානු ගුවන් ගමන්වලට අඛණ්ඩව තෙවැනි දිනටත් බාධා

0
10

අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් ගමන් කටයුතුවලට අඛණ්ඩව තෙවැනි දිනටත් දැඩි බාධා එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊයේ (15) වන විට සමස්ත ගුවන් ගමන් 10,000කට වැඩි සංඛ්‍යාවකට මෙම තත්ත්වය සෘජුවම බලපා ඇති බවයි.

මේ වන විට අදාළ ගුවන් සමාගම් විසින් තම ගුවන් ගමන් කාලසටහන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක නිරත වන බව වාර්තා වේ.

ගුවන් සේවා දත්ත වාර්තාවන්ට අනුව, පවතින අයහපත් හෝ වෙනත් බාධාකාරී තත්ත්වයන් හේතුවෙන් ඊයේ දිනයේදී පමණක් අවලංගු කර ඇති ගුවන් ගමන් සංඛ්‍යාව 2,300 ඉක්මවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here