මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා වන නිර්දේශ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර තිබේ.
මේ අතර, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව, අධිකරණ නිලධාරීන් තිදෙනෙකු බදාදා (සැප්තැම්බර් 23) මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමට නියමිතය.
එම නිලධාරීන් තිදෙනා වන්නේ පෙරුමාල් සිවකුමාර්, ආනන්දි කනගරත්නම් සහ ඥානේශ ලලිත් කන්නන්ගර යන මහත්ම මහත්මීන්ය.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් මෙම යෝජිත පත්වීම් පිළිබඳව සැප්තැම්බර් 22 වන දින නිවේදනය කරන ලදී.

