අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

0
181

NEWSNOW – අභාවප්‍රාප්ත හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (19) පස්වරු 02.00 ට මතුගම යටදොලවත්තේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුකිරීමට නියමිතය.

අභාවප්‍රාප්ත දේශපාලනඥයා ජීවත්ව සිටියදී ඔහුගේ නිවසේ ඉදිකරන ලද සොහොනෙහි දේහය තැන්පත් කිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

අභාවප්‍රාප්ත දේශපාලනඥයාගේ දේහය ඊයේ ඔහුගේ නිවසට රැගෙන ආ අතර අද() සිකුරාදා පස්වරුව දක්වා එම නිවසේ තැන්පත් කර තැබේ.

සිකුරාදා ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ඔහුගේ දේහය තැන්පත් කිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

පාලිත තෙවරප්පෙරුම මහතා අඟහරුවාදා (අප්‍රේල් 16) සිය වත්තේ වැඩ කරමින් සිටියදී විදුලි සැර වැදීමෙන් අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 64 වැනි වියේ පසුවිය.