අන්තර්’ජාතික ජ්‍යෙෂ්ඨයින්ගේ ලෝක ශූරතා පාපන්දු තරඟාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

0
932

NEWSNOW | – ඉන්දියාවේ පැවති 09 වන අන්තර්’ජාතික ජ්‍යෙෂ්ඨයින්ගේ ලෝක ශූරතා පාපන්දු තරගාවලියට පළමු වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ” ඕල්ඩ් බෙන්සන් ජ්‍යෙෂ්ඨ ” කණ්ඩායම, එම තරගාවලියේ ශූරතාවය දිනා ගෙන අද (20) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඉන්දියාවේ බැංගලෝර් නුවර පසුගිය 17 වන දින පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව, නෝර්’වේ , දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සහභාගී වී තිබුණි.

අවසාන මහා තරගය ශ්‍රී ලංකාවේ ඕල්ඩ් බෙන්ස් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සමග නෝර්’වේ කණ්ඩායම අතර පැවති අතර එහිදී නෝර්’වේ කණ්ඩායම 2 – 1 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වී තිබුණි.

මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා ඕල්ඩ් බෙන්ස් ජ්‍යෙෂ්ඨ කණ්ඩායම 03/20 දින අලුයම 01.25 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා සාන්ත බෙනඩික් විදුහලේ විදුහල්පති ආචාර්’ය පුබුදු රාජපක්ෂ සහෝදරතුමා ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

(ටී.කේ.ජී.කපිල)