අද පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි. ගාල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද හිරු මුදුන් වේ

0
9

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති වන තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, දකුණට සූර්යයාගේ සාපේක්ෂ චලනය හේතුවෙන් අගෝස්තු 28 සිට පැවැති ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට හිරු මුදුන් වීමේ තත්ත්වයේ අවසන් දිනය වන අද (07) දහවල් 12:08 ට ගාල්ල, අංගුළුගහ, ඉමදුව, තෙලිජ්ජවිල, යටියන සහ තංගල්ල යන ප්‍රදේශවලට සූර්යයා සෘජුවම ඉහළින් මුදුන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here