එක ජාතියක්, එක ජනතාවක් – නමුත් කාගේ කොන්දේසි අනුවද?

0
1

එම්.ආර්. නාරායන් ස්වාමි විසිනි.

1997 දී එක් දිනෙක, ආරක්ෂක ලේකම්වරයා තම පුතාත් සමඟ සී-130 ගුවන් යානා දෙකක් මිලදී ගැනීමට එක්සත් රාජධානියට ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ප්‍රධානී ඔලිවර් රණසිංහට දැන ගන්නට ලැබුණි.

සී-130 ශ්‍රී ලංකාවට ඉතා සුදුසු යානා විශේෂයක් වෙයි. එයට අධික බරක් රැගෙන යා හැකි අතර හදිසියේ අටවා ගත් ගුවන් තොටුපළකින් පවා ගුවන් ගත විය හැකිය. එනමුත් මිලදී ගන්නට අදහස් කළ මෙම ගුවන් යානා දෙකෙහි ගැටළු කිහිපයක්ද තිබුණි.

මෙම යානා දෙකම වසර 13 ක් තිස්සේ එක්සත් රාජධානියේ තාර පාරක නවතා තිබූ අතර, ඒවා අ අව්වෙන් පිළිස්සී වැස්සට හසු වී තිබුනු ඒවාය. ඒවා පියාසර කිරීම කෙසේ වෙතත් එන්ජින් පවා ක්‍රියාත්මක කර නොතිබුණි. එයටත් වඩා නරක දෙය නම්, එම යානා දෙක නිපදවන ලද්දේ වසර 34 කට පෙර වීමයි.

මේ සියලු‍ කරුණු අනුව ශ්‍රී ලංකාවට විශාල අවාසියක් ඇති කළ හැකි ගනුදෙනුවක් සිදු වන්නට යන බව ඔලිවර් රණසිංහ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හමුවී කියා සිටියේය. ”‍මැඩම්, අපේ ඇව්රෝ ගුවන් යානය වසර 22ක සේවා කාලයකින් පසු අපි ඉවත් කළා, දැන් අපි අවුරුදු 34ක් පැරණි ගුවන් යානා මිලදී ගන්නවාද? කවදා හරි දවසක කවුරුහරි ඒකට වගකියන්න වෙයි කියලා මම හිතනවා”‍ යැයිද ඔහු වැඩිදුරටත් කීවේය.

1998 මාර්තු මස ඔලිවර් රණසිංහ මහතා විශ්‍රාම යන තෙක්, සී-130 යානා දෙක පිළිබඳ කාරනාව කිසි විටෙකත් මතු වුයේ නැත. පසුව ඒවා මිලදී ගන්නා ලද අතර ඒ වන විට රණසිංහ මහතා ගුවන් හමුදාවෙන් ඉවත් වී තිබුනි. එපමණක් නොව ගුවන් යානා තුනක් සඳහා ණයවර ලිපිය විවෘත කරන ලද නමුත්, එම මිලටම ශ්‍රී ලංකාවට ළඟා වූයේ යානා දෙකක් පමණි. තුන්වැන්න අත්හැර තිබු අතර අන්තිමට අපට හිමි වුයේ යානා තුනක මිලට යානා දෙකක් පමණි. ඒ අනුව එක් යානාවකට අප පවුම් 700,000 ගෙවා තිබුණි.

1968 ගුවන් හමුදා සේවට බැදුනු ඔලිවර් රණසිංහ ඒ වන විට වසර 30 ක් එහි රාජකාරි කර තිබුණි. කොටි ත්‍රස්තාවාදීන්ට එරෙහිව දීර්ඝ හා වැය අධික යුද්ධයක් යෙදෙමින් සිටි අතර තුරම ඔහු ටු සර්වයිව් ඈස් වන් නේෂන් වන් පීපල් නමින් පොතක් ලියු අතර එහි සන්නද්ධ හමුදාවල ඔඩු දුවමින් පැතිර ගොස් තිබුනු වංචා දූෂණ ගණනාවක්ම ගැන ඔහු අනාවරණය කර තිබුනි. අපට සතුරා පරාජය කිරීම එතරම් අපහසු වූයේ සහ මිලාධික වුයේ ඇයිද යන කාරනාව මෙම පොත කියවන ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය.

මෙම පොත කියවිය යුතු තවත් හේතුවක් තිබේ. එය නම් සිරිලක අසාර්ථක රාජ්‍යයක් වීමට හේතුකාරක වු පටු සිංහල මානසිකත්වය තේරුම් ගැනීමයි.

කොටි ත්‍රස්තවාදය ගත් කළ ඔලිවර් රණසිංහගේ වැටහීම නම්, ශ්‍රී ලාංකික දෙමළ තරුණයින් නොමඟ යවන ලද බව සහ එම සටන උසි ගන්වන ලද්දේ ඉන්දියාවේ අනුග්‍රහයෙන් යුත් විවිධ විදේශ බලවේග විසින් යන්නයි. කොටි අර්බුදය ඇති කරන ලද්දේ එවකට ඉන්දියාවේ අගමැතිනිව සිටි ඉන්දිරා ගාන්ධි විසින් බවද කොටින්ට පුහුණ ලබා දෙන්නට මුල් වුයේ ඉන්දියාව බවද රණසිංහ මහතා සිය කෘතියහි අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ දමිළ බෙදුම්වාදී ගැටලු‍ව ඇවිලවු හේතුන් කවරේදැයි හරිහැටි නොදන්නා අය පමණක් කියන දේ බොහෝ ඇත. අවම වශයෙන් ආපසු හැරී බැලීමේදී ශ්‍රී ලංකාව සම්බන්ධ ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ බොහෝ දේ වැරදි විය හැකි නමුත් ඉන්දියාව එල්ටීටීඊය බිහි කළේ නැත සහ දෙමළ තරුණයින්ව ඉන්දියාව නොමඟ යැව්වේද නැත.

හරි හෝ වැරදි වේවා දෙමළ සටන්කාමීත්වය බිහිවුයේ මෙරටෙහිමය. 1956 සහ 1958 වකවානුවල දී ශ්‍රී ලංකාවේ බහුතරය දමිළ විරෝධී ප්‍රචණ්ඩ ආකල්පයක් ආදේශ කර ගත් විට එල්ටීටීඊ සංවිධානයක් තිබුනේ නැත. 1977 දී දෙමළ ජනතාව නැවත ප්‍රචණ්ඩත්වයට ගොදුරු වු විට පවා කොටි සංවිධානය සිටියේ ළදරු වියෙහිය. ප්‍රණ්ඩකාරි සිංහලයන් පිරිසක් විසින් මිල කළ නොහැකි අගනා තල් කොළ අත්පිටපතක් ඇතුලු‍ව පොත් 97,000 ක් සහිත යාපනේ පිහිටි පුස්තකාලයක් ගිනිබත් කරන විට වුවද ප්‍රභාකරන් යනු බොහෝ අය නොදන්නා නමකි. 1983 දී එල්ටීටීඊය විසින් සිංහළ සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමෙන් පසු දීපව්‍යාප්තව ඇති වූ සිංහල ප්‍රචණ්ඩත්වයෙන් සිය ගණනක් දෙමළ ජාතිකයන් ඝාතනය වු විට සහ කෝටි ගණන් වටිනා දේපළ විනාශ වු විටද මෙම කෝලාහලවල ඉන්දියාව පිළිබද සදහනක් නොතිබුණි.

දමිළ බෙදුම්වාදයට උපත ලබා දුන්නේ සිංහළ භාෂාමය ආධිපත්‍යය, අධ්‍යාපනය විෂයයෙහි දමිළ සිසුන්ට සිදු කරන ලද අසාධාරකම්, දමිළ ජනයා දේශපාලනිකව කොන් කිරීම මෙන්ම ලංකාව යනු සිංහලයින්ය යන මතවාදය ආදියයි. මේ සියල්ල තිබෙන විට පවා දිවයිනේ කිසිදු තැනක -1983 කෝලාහලය හැර- සැලකිය යුතු කලබලයක් හෝ කෝලාහලයක් ඇති වුයේ නැත. මේ සියල්ල සැලකිල්ලට ගන්නා කල දෙමළ තරුණයින් නොමඟ යවා කොටි සංවිධානය බිහි කරන්නට කටයුතු කළේ ලද්දේ ඉන්දියාව යැයි හෝ ඉන්දිරා ගාන්ධි යැයි පැවසීම අතිශය බොළඳය.

Roar Media Archive - Fearless Collective's Mural Unveiled in Slave Island

1948 නිදහසින් පසු බහුතරය විසින් ඓතිහාසික වැරදි කිහිපයක්ම සිදු වු බව විශ්‍රාමික හමුදා නිලධාරීන්ද ඇතුළුව බොහෝ සිංහලයන් පිළිගනිති. එනමුත් ඔලිවර් රණසිංහ දෙමළ දුක්ගැනවිලිවල නියම මූලයන් ප්‍රතික්ෂේප කරමින් දේශපාලන ආධුනිකයෙකු ලෙසින්ම අදහස් දක්වනු දැකිය හැකිය. බෙදුම්වාදි යුද්ධයේදී ආරක්ෂක අංශවලට අයත් නිලධාරීන් 30,000 ක් පමණ මිය යාම ගැන ඔහු කතා කරන නමුත් මියගිය දස දහස් ගණනක් දමිළ ජනතාව ගැන ඔහු කිසිවක් සඳහනක් නොකරයි. අපි කතා කරන්නේ කොටි සටන්කරුවන් ගැන නොව සාමාන්‍ය දමිළ සිවිල් වැසියන් ගැනය. මොවුන්ද ලාංකිකයන් වන බව අප අමතක නොකළ යුතුය. ඔලිවර් වැනි ඉහළ මට්ටමේ සිටින පුද්ගලයින් පවා ලාංකිකයන් යන සංකල්පය විෂයයෙහි දරණ මතය ජාතිවාදි නම් එක්සත් ලංකාවක් ගැන අප සිහින මවන්නේ කෙසේද?

ජේ.ආර් සමයෙහි ඇති කර ගත් ද්විපාර්ශ්වික ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකාවේ යොදවා තිබුනු ඉන්දීය හමුදාවට ඉවත් වන ලෙස පසුව ජනාධිපති රණසිංහ ප්‍රේමදාස පැවසීම ගැන තමා සතුටු වන බවට ඔලිවර් රණසිංහ සුරංගනා ප්‍රකාශයක්ද කරයි. ඔලිවර්ගේම මතය අනුව, ශ්‍රී ලංකා හමුදාව අතර පවා ඉන්දීය හමුදාව ගැන පැහැදීමක් තිබුනේ නැත. මෙයට හේතුව මෙම සුන්දර දිවයිනෙහි සදාකාලිකව රැදී සිටීමේ තණ්හාවක් ඉන්දිය හමුදා අතර දක්නට තිබීම යනු ඔහුගේ මතයයි.
මෙය විගඩමකි. ශ්‍රී ලංකාව හා සසඳන විට ඉන්දියාවේ අතීතය දෙස විවේචනාත්මකව බැලීමේ කිසිදු වරදක් නොමැති බව මම නැවත අවධාරණය කරමි. 1987 ජුනි මාසයේදී යාපනයට ගුවනින් කෑම පාර්සල් දැමීම මගින් ඉන්දියාව අත් කර ගත්තේ කුමක්දැයි මම බොහෝ විට කල්පනා කර ඇත්තෙමි. ශ්‍රී ලාංකික බහුතරයකගේ හැඟීම් රිදවීමට අමතරව එයින් ඉන්දියාවට ලැබුනු කිසිදු ලාභයක් නැත. එසේ වුවද, පසුව අගමැති ධුරයට පත් වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය පී.වී. නරසිංහ රාඕට අවශ්‍ය වූයේ 1987 ගිවිසුම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නොව එල්ටීටීඊය සහ ලක් රජය අතර අත්සන් කිරීමටයි.

නමුත් ඉන්දීය හමුදාවට ශ්‍රී ලංකාව ඔවුන්ගේ නව නිවහන කර ගැනීමට අවශ්‍ය වූ බව පැවසීම විහිළුවකි. දුර්වල බුද්ධි අංශ හෝ බොළඳකමට දොස් පැවරූ ඉන්දීය හමුදා ප්‍රධානීන් යාපනයට ගොඩ බැස්සේ කොටි සටන්කාමීන් නිරායුධ කිරීම අධීක්ෂණය කර පසුව පෙරලා හැකි ඉක්මනින් තම රටට යාමේ අදහසින් මිස මෙහි පැළපදියන් වන අදහසින් නොවේ. පසුව දැන ගන්නට ලැබුනු තොරතුරු අනුව බොහෝ ඉන්දීය නිලධාරීන් මෙහි පැමිණියේ දින කිහිපයකට පමණක් අවශ්‍ය වන ඇදුම් පැළදුම් දෙක තුනක් පමණක් රැගෙනය. නමුත් එල්ටීටීඊ නායක වේලු‍පිල්ලේ ප්‍රභාකරන්ට වෙනත් අදහස් තිබුණු බව අප දනිමු.

බලය බෙදා හැරීම ”‍වාර්ගිකව අපව වෙන් කර බෙදුම්වාදයට මඟ පාදනු ඇත”‍ යනුවෙන් තර්ක කරන විට ඔලිවර් රණසිංහ පෙන්නුම් කරන්නේ වඩාත් පටු ලෝක දැක්මකි. ප්‍රභාකරන් ප්‍රචණ්ඩත්වයට යොමු වූයේ බලය බෙදා හැරීම නිසාද නැතහොත් 1987 ඉන්දියා-ශ්‍රී ලංකා ගිවිසුම යටතේ බලය බෙදා හැරීම බෙදුම්වාදයට විකල්පයක් ලෙස සංකල්පනය කරන ලද එකක්ද?
පටු මුහුදු තීරුවකින් වෙන් කරන ලද දකුණු ඉන්දියාවේ වාසය කරන මිලියන 75 ක ඉන්දීය දමිළ ජනතාව ගැන සඳහන් කරමින් ශ්‍රී ලාංකිකයන් බිය ගැන්වීමට ඔලිවර් රණසිංහ උත්සාහ කරන්නේ ඉන්දියාවෙන් විය හැකි දැවැන්ත ආක්‍රමණයක් ඉඟි කරමිනි. මෙය තවත් ජනප්‍රිය සිංහල ජාතිකවාදී ගෝනි බිල්ලෙකි. එවැන්නක් තමිල් නාඩුවෙන් සිදු වන්නේ නම් එය සිදු වන්නට තිබුනේ 1983 මෙහි දමිළ ජනයාට එරෙහිව මුදා හරින ලද සිදු ලේ වැගිරීමත් සමගය. වෙනෙක්ක තබා එසමයෙහි ලාංකික දමිළ ජනයා විෂයයෙහි තමිල්නාඩුවේ ඇති වුනු සානුකම්පාව දින කිහිපයකින්ම වාෂ්ප වී ගියේය. එය ටික කලක් හෝ පැවතුනේ තමිල් නාඩු දේශපාලනඥයයන්ගේ මැත දෙඩීමෙහි පමණි. වර්තමානයෙහි පවා ප්‍රභාකරන් ගැන වැඩිපුරම කතා කරන්නන් එසේ කරන්නේ වැඩි පුර ඡන්ද ටිකක් ලබා ගැනීමට මිස ලාංකික දමිළ දයාව නිසා නොවේ.

Sri Lanka's 2022 'Aragalaya' revolt hangs heavy over presidential vote | Reuters

ලංකාවේ ඇති පළාත් නවයෙහි පළාත් සභා පිහිටුවීම ඔලිවර් රණසිංහ දකින්නේ මේ රට ප්‍රාන්ත නවයකට කැඩීමක් ලෙසිනි. ඉතිං පළාත් සභා පැවති කාලයෙහි ශ්‍රී ලංකාව එසේ ප්‍රාන්ත ලෙසින් බෙදී වෙන් වී ගියාදැයි අසනු කැමැත්තෙමි. දමිළ ජනයාට පොලිස් බලතල සහ ඉඩම් බලතල ලැබුණු විට ඔවුන් රජවරුන් මෙන් කටයුතු කරනු ඇත යැයිද රට ඉක්මනින්ම බිඳ වැටෙනු ඇත යැයි රණසිංහ බිල්ලෙක් මවා පායි. එමෙන්ම උතුරු පළාත් සභාව විසින් ප්‍රාදේශීය පොලිස් බලකාය පාලනය කළහොත් කුමක් සිදුවේදැයි තමා බිය වන බවද ඔහු පවසයි. එසේ වු විට යාපනය ශ්‍රී ලංකාවෙන් නිදහස් වෙයිද? එම පෙදෙස තනි රාජ්‍යයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වහාම පිළිගැනීමක් ලැබේවිද යනුවනේද ඔහුගෙන් අසනු කැමැත්තෙමි.

The ARAGALAYA's Demands in English | Thuppahi's Blog

ඔලිවර් රණසිංහ වැනි අය මෙවැනි අමුතු න්‍යායන් ප්‍රකාශයට පත් කිරීම මගින් ශ්‍රී ලංකාවට කරන දැවැන්ත හානිය වටහා නොගත් බවක් පෙනීම අවාසනාවකි. ලාංකික ජනතාව සහ සහ ජනකොටස් අතර එකිනෙකා කෙරෙහි ගෞරවයක් ඇති තාක් කල් ශ්‍රී ලංකාවට කිසි විටෙකත් බිඳී යා නොහැක. ප්‍රමුඛ ජනවාර්ගික කණ්ඩායමක් සුළුතරයේ පක්ෂපාතිත්වය සැක කරන විට ජාතික සමගිය ගැන කථා කිරීමෙන් පලක් නැත. සෑම සමාජයකම සහ රටකම වැරදි සිදු වීම සාමාන්‍ය දෙයකි. නමුත් කෙනෙකුට අතීතයේ සදා කාලිකව ජීවත් විය නොහැක. කෙසේ වෙතත්, බහුතර ජාතිකවාදය තිබෙන තාක්කල් ”‍එක ජාතියක්, එක ජනතාවක්”‍ යන සංකල්පය සැබෑවක් වන්නේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here