අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය වැටුප් එපා කියයි

0
80

NEWSNOW | – තම අගමැති වැටුප සහ තමන්ට හිමි සියලු ප්‍රතිලාභ අත් හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ සිය නව කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

ඒ රට මුහුණ දෙන අවිනිශ්චිත ආර්’ථික අර්’බුදය සැලකිල්ලට ගනිමිනි. ශ්‍රී ලංකාවද මෙවැනි ආර්’ථික අර්’බුදයක සිටියද මෙරට දේශපාලඥයින්ගෙන් එවැනි දෙයක් අපට බලාපොරොත්තු විය නොහැක.

විදෙස් මාධ්‍ය පැවසුවේ ආර්’ථික අර්’බුදය හේතුවෙන් අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින්, විශේෂ කැබිනට් හමුවක් පවත්වා එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව මෙම තීරණය ගත් බවයි.

රජයේ මුදලින් සිදුවන විදෙස් සංචාර නැවැත්වීම සහ කප්පාදු කිරීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය අතරේ එකඟත්වයක් ඇති විය.

ආර්’ථික අර්බුදයෙන් ගොඩ ඒමට පාකිස්තානය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය අපේක්ෂා කරයි. ඒ සඳහා පාකිස්තාන රජය, මූල්‍ය වගවීම් ප්‍රවර්’ධනය කිරීම සම ආර්’ථික අභියෝග හමුවේ රාජ්‍ය සම්පත් ප්‍රශස්ත කිරීම සම්බන්ධයෙන් පියවර රැසක් අනුගමනය කරමින් සිටී.

යළිත් වරක්, පාකිස්තාන ජනාධිපති ධුරයට පත් වූ අසීෆ් අලී සර්’දාරි ද සිය ධුරයේ දිවුම් දෙමින් පවසා ඇත්තේ, ජනාධිපතිවරයාට හිමි වැටුප හෝ දීමනා කිසිවක් හෝ තමන් ලබා නොගන්නා බවය.

අසීෆ් අලී සර්’දාරි එම තීරණය ගත් අවස්ථාවේදී පාකිස්තාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මොෂීන් නාකිව් ද පැවැසුවේ තමන් ද තමන්ට හිමි වැටුප ලබා නොගන්නා බවය.