2026 වසරේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව, 2027 වසරේ පාසල්වල 6 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන කඩඉම් ලකුණු මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.
අදාළ පාසල්වල කඩඉම් ලකුණු මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් සිසුන්ට සහ දෙමාපියන්ට ලබාගත හැකිය. මීට අමතරව, තම දරුවාට හිමි වී ඇති පාසල කුමක්ද යන්න https://g6application.moe.gov.lk හරහා පරීක්ෂා කර බැලීමේ පහසුකම් ද මේ වන විට සලසා දී තිබේ.

