මහව මහෙස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනෙවිය විසින්, මියගිය ‘කාවන්තිස්ස’ දළ ඇතාගේ වෙළෙඳපොළ වටිනාකම දැක්වෙන තක්සේරු වාර්තාව සහ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලංකාව තුළ ඉදිරි වෙසෙන නොවැම්බර් 25 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව හරහා අදාළ වාර්තාව ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව වනජීවී අඩවි ආරක්ෂක චතුර ගුණරත්නට නියෝග කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.පී.එම්.ඒ. විජේසුන්දර විසින් එදිනට ඉදිරිපත් කළ යුතුය.
ලෝක අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක ඉදිරිපත් කළ කරුණු සලකා බලා මෙම නියෝග නිකුත් කර ඇත. මෙහිදී නීතිඥවරයා පෙන්වා දී ඇත්තේ මීට පෙර විදුලිසැර වැදීමෙන් මියගිය ‘දීගදන්තු 1’ ඇතාගේ වටිනාකම රුපියල් මිලියන 90ක් ලෙස තක්සේරු කර තිබූ බවයි. පශු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියදී මියගිය කාවන්තිස්ස ඇතාගේ මරණයට ඖෂධ විෂ වීමක් බලපෑ බවට සමාජයේ මතයක් පවතින බැවින්, නිශ්චිත හේතුව අවසන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වීමට නියමිතය.
මේ අතර, කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන නිලධාරියකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත

