ශ්‍රී ලංකා – බංග්ලාදේශ ජාත්‍යන්තර තරුණ හුවමාරු වැඩසටහන සඳහා සහභාගී වීම පිණිස ජාතික තරුණ සේවා සභාවේ ජාතික තරුණ විදේශ සංචිතයෙන් තෝරාගත් තරුණ තරුණියන් 17 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බංග්ලාදේශය වෙත ගොස් තිබේ.
‘HOPE 87’ ආයතනයේ විශේෂ ආරාධනයකට අනුව නොවැම්බර් 10 වැනි දින සිට 20 වැනි දින දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙම සංචාරයට එක්වන පිරිසට අවශ්‍ය ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

