රටේ ජාතිවාදී කෝලහාලයක් ඇති කිරීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක නිරතව සිටි බලංගොඩ කස්සප හිමිට එරෙහිව දහස් ගණන් දෙනා අනුරාධපුර විරෝධතා භූමියට පැමිණි පසු අවසානයේ පොලිසිය බලංගොඩ කස්සප හිමි අත්අඩංගුවට ගනී.
අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියට විරුද්ධව රුවන්වැලි මහා සෑය අභියස මාරාන්තික උපවාසයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු බෞද්ධ භීක්ෂූන් වහන්සේලා තිදෙනෙකු මෙලෙස අද (12) දින සත්‍යග්‍රහ භූමියේදී පොලිස් භාරයට ගෙන ඇත.
වාර්තා වන ආකාරයට, රුවන්වැලි සත්‍යග්‍රහ භූමියේදී කස්සප හිමියන් ඇතුළු පිරිස සහ ශාසනයෙන් නෙරපූ රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු ගිහි පිරිසක් අතර ඇති වූ දැඩි බහින්බස් වීමකින් පසුව මෙම අත්අඩංගට ගැනීම සිදුව තිබේ.

