ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා යළිත් වරක් පත් කර තිබේ.
මීට පෙර එම ධුරයේ කටයුතු කළ ඕස්ට්රේලියානු ජාතික ජෙමී සිඩන්ස් මහතා පෞද්ගලික හේතුවක් මත සිය පුහුණුකරු කොන්ත්රාත්තුවෙන් ඉවත්ව යාම හේතුවෙන් මෙම පුරප්පාඩු සඳහා රුමේෂ් රත්නායක මහතා මෙලෙස පත් කර ඇත.
මීට පෙරද ඒ මහතා ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස සාර්ථක සේවයක් ඉටු කර තිබීම විශේෂත්වයකි.

