මැදවච්චිය වැවල්කැටිය ප්‍රදේශයේ අසනීප වූ අලි පැටවෙකුට වනජීවී වෛද්‍ය ප්‍රතිකාර

0
14

මැදවච්චිය, වැවල්කැටිය ප්‍රදේශයේ අසනීප තත්ත්වයෙන් පසුවන අලි පැටවෙකුට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (21) දින අදාළ අලි පැටවාට වැඩිදුර ප්‍රතිකාර ලබා දී ඇති බවයි.

ප්‍රතිකාර ලබා දෙන අවස්ථාවේදී අලි පැටවා බිම වැතිරී සිටින ආකාරය සහ වනජීවී පශු වෛද්‍ය කාර්ය මණ්ඩලය සතාට ප්‍රතිකාර කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ද නිකුත් කර තිබේ.

කෙසේ වෙතත්, අලි පැටවාගේ වෛද්‍ය තත්ත්වය හෝ එහි අසනීපයට හේතුව කුමක්ද යන්න පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here