ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන ආකාරයට, වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් සමස්ත ඩෙංගු රෝගීන් 107,651ක් වාර්තා වී ඇති අතර, ඉන් පුද්ගලයින් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නොවැම්බර් මාසයේ පළමු දින හත තුළ පමණක් නව රෝගීන් 1,399ක් වාර්තා වී ඇති අතර, මේ වසරේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් (29,964ක්) වාර්තා වී ඇත්තේ ගිය ජූලි මාසයේදීය. දිස්ත්‍රික්ක මට්ටමින් සලකා බැලීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් හමුවී ඇති අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 37ක් මේ වන විට අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.
පවතින මෙම වසංගත තත්ත්වය පාලනය කිරීමේ අරමුණින්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

