ඒ-9 මාර්ගයේ රඹෑවේදී බස් රථ 3ක් ගැටී 05 දෙනෙකු ජීවිතක්ෂයට: 50කට ආසන්න පිරිසකට තුවාල

0
2

ඒ-9 මාර්ගයේ අනුරාධපුර – රඹෑව – වැලිඔය මංසන්ධියේදී අද (09) පෙරවරුවේ සිදුවූ දරුණු රහිත රථවාහන අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

පොලීසිය සඳහන් කළේ ප්‍රථමයෙන් ශ්‍රී ලංගම බස් රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇති අතර, අනතුරුව පෞද්ගලික බස් රථයද එම බස් රථවල ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රඹෑව ප්‍රාදේශීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here