විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පවත්වා තිබේ.
ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංගමයේ (IORA) 25 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.
දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත.

