වන අලි දෙදෙනෙකු විදුලි සැර වැදී මියයෑමේ සිද්ධියට අදාළ ඉඩම් හිමියා අත්අඩංගුවට

0
12

අනුරාධපුරය, රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිලිනිගම, අලුත්ගම ගම්මානයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

ප්‍රදේශයේ වන අලි දෙදෙනෙකු මියගොස් ඇති බවට වනජීවී අඩවි සහකාරවරයාට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදී, අදාළ ඉඩමක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණ සිදුව ඇති බවට අනාවරණය වී ඇත. මියගිය වන අලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (27) දහවල් පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරිනී මදුවන්ති මහත්මිය විසින් සිදු කරනු ලැබීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අදාළ ඉඩමේ හිමිකරු ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (28) දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here