විෂ මත්ද්රව්ය දිවයිනෙන් තුරන් කිරීමේ අරමුණින් ක්රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කර වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශේෂ මාධ්ය සාකච්ඡාවක් අද (29) දින එම මෙහෙයුමේ ප්රධාන කාර්යාලය සහ මාධ්ය මධ්යස්ථානයේදී පවත්වනු ලැබීය.
මෙම මාධ්ය සාකච්ඡාව සඳහා ආරක්ෂක අංශ නියෝජනය කරමින් ශ්රී ලංකා යුද්ධ හමුදා මාධ්ය ප්රකාශක මේජර් ජෙනරාල් වරුණ ගමගේ, නාවික හමුදා මාධ්ය ප්රකාශක කොමාන්ඩර් චමින්ද වළාකුළුගේ, ගුවන් හමුදා මාධ්ය ප්රකාශක ගෲප් කපිතාන් නලින් වැවකුඹුර සහ ශ්රී ලංකා පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පසුගිය වසරක කාලය තුළ “රටම එකට” ජාතික මෙහෙයුම වෙනුවෙන් ත්රිවිධ හමුදාව සහ ශ්රී ලංකා පොලිසිය එක්ව ලබා දුන් දායකත්වය සහ ලැබූ සමස්ත ප්රගතිය මෙහිදී නිල වශයෙන් අනාවරණය කෙරිණි.
විෂ මත්ද්රව්ය තොග විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීම, මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට හිමි නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ රාජසන්තක කිරීමට ගෙන ඇති ක්රියාමාර්ග, ජාත්යන්තර රතු නිවේදන නිකුත් කර ඇති ප්රධාන පෙළේ ජාවාරම්කරුවන් විදේශ රටවලින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සහ නාවික හමුදාව විසින් මුහුදු මාර්ග ඔස්සේ සිදුකරන මත්ද්රව්ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ගත් මෙහෙයුම්වල ප්රගතිය සහ ඊට අදාළ සංඛ්යා ලේඛන මෙහිදී මාධ්ය වෙත ඉදිරිපත් කරන ලදී.

