‘මුරසු’ සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත

0
11

ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපා ඇති ‘මුරසු’ සුළි කුණාටුවේ දැඩි අවදානම හේතුවෙන් එරට පුද්ගලයින් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ආන්ද්‍රා ප්‍රදේශයේ පමණක් පුද්ගලයින් 2,000කට අධික පිරිසක් මේ වන විටත් සුරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් කර ඇති අතර, එම ප්‍රදේශයේම තවත් පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් ඉදිරියේදී ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට නියමිතය.

සතියක් ඇතුළත ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට බලපාන දෙවන ප්‍රබල සුළි කුණාටුව මෙය වන අතර, මීට දින කිහිපයකට පෙර එරටට බලපෑ ‘ඔර්නබ්’ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here