මුම්බායි ඉන්දියන්ස් පුහුණුකාර මණ්ඩලයේ විශාල වෙනස්කම් – ලසිත් මාලිංග ඇතුළු තිදෙනෙකු ඉවතට

0
62

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයේ තවත් දැවැන්ත වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, සහාය පුහුණුකරු පරාස් ම්හැම්බ්රේ සහ පන්දු රැකීමේ පුහුණුකරු කාල් හොප්කින්සන් යන තිදෙනා පුහුණුකාර මණ්ඩලයෙන් ඉවත් කර ඇත. කෙසේ වෙතත්, ඔවුන්ගේ හිස් වූ තැනුම් සඳහා පත්කළ නව නිලධාරීන්ගේ නම් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

මීට පෙර මුම්බායි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙනුවට, බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක කිරන් පොලාඩ් ප්‍රධාන පුහුණුකරු ලෙස මීට පෙර පත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here