මැදපෙරදිග යුද්ධය අවසන් වීමේ බලාපොරොත්තු ඉහළ යාම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 7%කට වැඩි ප්‍රමාණයකින් පහළ වැටී තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 7.63%කින් පහත වැටී ඇමෙරිකානු ඩොලර් 104.77ක් ලෙස සටහන් වී ඇත.
අමෙරිකාව සහ ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ වීම සහ දැඩි කොන්දේසි යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානය යෝජනා කිරීම මෙම මිල පහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.
මීට අමතරව, අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් විසින් ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි වෙත නව සාකච්ඡා සඳහා ලිපියක් යැවීම, ට්‍රම්ප් පරිපාලනය ගත් ඉහළම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙස සැලකේ.

