මහියංගනය – මහනුවර මාර්ගයේ බස් අනතුරකින් මගීන් 22කට තුවාල.

0
8

මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ පාලම් හන්දිය ආසන්නයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් මගීන් 22 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

අද (29) දහවල් මෙම අනතුර සිදුව ඇත්තේ ධාවනය වෙමින් තිබූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙනි.

අනතුරින් තුවාල ලැබූ මගීන් කඩිනමින් ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here