කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ලද 2025/2026 වසර සඳහා වන ජාතික නිෂ්පාදන සම්මාන උළෙලේදී, මදුරංකුලිය මේර්සි අධ්‍යාපන සංකීර්ණය සමස්ත ලංකා මට්ටමින් තෙවැනි ස්ථානය දිනාගනිමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කර තිබේ.
2026 නොවැම්බර් 08 වැනි දින බණ්ඩාරනායක අන්‍යජාතික සම්මන්ත්රණ ශාලාවේදී (BMICH) පැවැති ජාතික නිෂ්පාදන සම්මාන ප්රදානෝත්සවයේදී මෙම ඓතිහාසික ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර, සම්මා ගෞරවයට පාත්‍ර කරන ලදී.
අධ්‍යාපන ක්ෂේත්රය තුළ නිෂ්පාදන ඉහළ නැංවීම සහ විශිෂ්ට කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම අරමුණු කරගනිමින් ජාතික මට්ටමින් පවත්වන ලද මෙම තරඟාවලියේදී මේර්සි අධ්‍යාපන සංකීර්ණය මෙම සන්ධිස්ථානය පසුකර ඇත.
මෙම අතිමහත් ජයග්‍රහණයේ පසුබිමෙහි ඇත්තේ, සංකීර්ණයේ උසස් නිලධාරීන්ගේ, කැපවීමෙන් කටයුතු කරන විදුහල්පතිතුමාගේ, ගුරු මණ්ඩලයේ සහ සියලුම සේවකයන්ගේ සංශුද්ධ අභිප්රායන්, සාමූහික ප්රයත්නයන් මෙන්ම සේවයත්, සිසුන්ගේ හා දෙමාපියන්ගේ සහයෝගයත් වෙනුවෙන් හිමි වූ උත්තුංග ඇගයීමකි.
මෙම ජයග්‍රහණය මඟින් මේර්සි අධ්‍යාපන සංකීර්ණය අනාගතයේදී තවත් බොහෝ ජයග්‍රහණ අත්කර ගැනීමට විශාල දිරිගැන්වීමක් ලැබී ඇති බව කැපී පෙනෙන කරුණකි.


