කෙටි කාලයක් තුළ ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්වයන් හටගත හැකි බැවින්, පහත්බිම් සහ ගංගා ආශ්රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව මෙන්ම මාර්ග භාවිතා කරන්නන් ද දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ඉදිරි දිනවලදීත් වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බැවින්, කාලගුණ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු නිකුත් කරන නිවේදන පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා ඉල්ී සිටියි.
පසුගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර, එය මිලිමීටර් 130 කට ආසන්න අගයක් ගනී (විශේෂයෙන් පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ එම ප්‍රදේශයට මෙම වර්ෂාව ලැබී ඇත). මීට අමතරව ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 50ත් 100ත් අතර වැසි ලැබී ඇති අතර, දිවයිනේ සෙසු ප්රදේශවලටද සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබී ඇත.
ප්‍රධාන ගංගාවල වර්තමාන ජල මට්ටම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ නිල්වලා සහ ගිං ගඟේ (අකුරැස්ස, මාලිම්බඩ සහ බද්දේගම ඇතුළු පහළ ප්‍රදේශ) තවදුරටත් සුළු ගංවතුර මට්ටමක පැවතුණද, ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි. එමෙන්ම, කළු ගඟ, මිල්ලකන්ද, කුඩා ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර මට්ටම් වාර්තා වුවද, ඒවාද මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. කැලණි ගඟේ ජල මට්ටම් ඉහළ අගයක පැවතියද මේ වන විට අඩුවෙමින් පවතින අතර, මහා ඔයේ සාමාන්‍ය වැඩිවීමක් පෙනෙන්නට තිබුණත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නැත. මහවැලි ගඟේ නාවලපිටිය සහ පේරාදෙණිය ප්‍රදේශවල ජල මට්ටම් අනතුරුදායක තත්ත්වයක නොමැත.
කෙසේ වෙතත්, හදිසියේ ඇතිවිය හැකි තද වැසි සහ ක්ෂණික ගංවතුර අවදානම් හමුවේ ජනතාව ඉතා කල්පනාකාරීව කටයුතු කරන ලෙස බලධාරීහු යළිත් මතක් කර සිටිති.

