බස්නාහිර සහ සබරගමුව පළාත් ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විටින් විට වැසි

0
13

බස්නාහිර සහ සබරගමුව පළාත් ඇතුළුව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ පළාතේ ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකිය.

මේ අතර, ඌව පළාතටත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ, දකුණ යන පළාත් සහ ත්‍රිකුණාමලය, මාතලේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 30-40 දක්වා වන තරමක තද සුළං හමා යා හැක. ගිගුරුම් සහිත වැසි සමඟ පැමිණිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here