ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට තීරණය කරයි.
ඒ කටුනායක ගුවන්තොටුපොළේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරමිනි.
ඊයේ (19) රාත්‍රී රැස්වූ සිය සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.
ඊට අමතරව හෙට (21) දිනයේ දී දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමට ද තීරණය කර ඇති බව චමිල් මුතුකුඩ මහතා පැවසීය.

