පොලොන්නරුව රෝහලට අනුයුක්තව සේවය කළ 50 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයකු ඊයේ (06) මින්නේරිය ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ රථවාහන අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ, පොලොන්නරුව – හබරණ මාර්ගයේ 39 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
මින්නේරිය දෙස සිට හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථය, ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් රථ දෙකෙහිම රියදුරන් තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෝටර් රථයේ රියදුරු ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ පොලොන්නරුව නව නගරයේ පදිංචිව සිටි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකි.
අනතුරට ලක්වූ ටිපර් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට මාරුකර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

