කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ “සත්පෙති” ඔටිසම් සහ ස්නායු විවිධත්ව මධ්‍යස්ථානයට මුල්ගල තැබේ.

0
11
රුපියල් මිලියන 252ක වියදමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල් පරිශ්‍රයේ අලුතින් ඉදි කෙරෙන “සත්පෙති” ඔටිසම් සහ ස්නායු විවිධත්ව මධ්‍යස්ථානයට (Interventional Center for Autism) මුල්ගල තැබේ.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, මෙහි ඉදිකිරීම් සඳහා ගතවන කාලය අවම කර ලබන වසරේ දෙසැම්බර් මස වන විට ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුනිමි. මීට සමගාමීව අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම මෙන්ම, මධ්‍යස්ථානයට අවශ්‍ය කාර්ය මණ්ඩලය අනුමත කරගනිමින් ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම ද කඩිනමින් අවසන් කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දැනට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා නව යොවුන් මානසික සෞඛ්‍ය ඒකකයේ සායන සඳහා පැමිණෙන දරුවන්ගෙන් 50%කට වඩා වැඩි පිරිසක් ස්නායු සංවර්ධන ගැටලු සහිත දරුවන් වන බැවින්, මෙම මධ්‍යස්ථානය හරහා එම දරුවන්ගේ සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම, කථන හා භාෂා චිකිත්සාව සහ දෛනික ජීවන කුසලතා වර්ධනය ඇතුළු අඛණ්ඩ සේවාවන් රැසක් සැපයීමට නියමිතය. ඔටිසම් වැනි තත්ත්වයන් පිළිබඳව සමාජයේ පවතින ආකල්ප වෙනස් කර, එවැනි දරුවන් සමාජයේම කොටසක් ලෙස වැළඳ ගැනීමේ වැදගත්කම මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ, ජී.එම්. ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික ගමගේ, අයි.එම්.එස්. බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ආර්. වන්නිආරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ යන මහත්ම මහත්මීහු ද, ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මහත්මිය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් ද එක්ව සිටියහ
May be an image of one or more people and people smiling
May be an image of one or more people, suit and text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here