පොලිස්පති සහ UAE ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් අතර හමුවක්

0
4

ශ්‍රී ලංකාවෙන් පළාගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමට සහ භාරදීමට එරට බලධාරීන් දක්වන කඩිනම් රාජතාන්ත්‍රික සහයෝගය පිළිබඳව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සිය විශේෂ ස්තූතිය පළ කර තිබේ.

මෙම මස 15 වනදා සිට 19 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වාර්ෂික ලෝක පොලිස් සමුළුවට සහභාගී වී සිටින අතරතුර පොලිස්පතිවරයා එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සමඟ පැවති විශේෂ හමුවකදී මේ බව සඳහන් කර ඇත.

මෙම සංචාරය අතරතුර පොලිස්පතිවරයා විසින් ඩුබායි පොලිස් හා මහජන ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානී සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ෆෙඩරල් පොලිස් කවුන්සලයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ධාහි කල්ෆාන් තමීම් (Dhahi Khalfan Tamim), මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) ජ්‍යෙෂ්ඨ නිලධාරිනී සිරි බිජුන් (Siri Bijune) මහත්මිය මෙන්ම ඩුබායි පොලිසියේ ජාත්‍යන්තර සහයෝගිතා අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධානීන් රැසක් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා ද පොලිස්පතිවරයා සමඟ මෙම සියලු සාකච්ඡා සහ හමුවීම් සඳහා එක්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here