ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සෑම වසරකම සංවිධානය කරනු ලබන ‘ජාතික කියවීමේ මාසය’ වැඩසටහනට සමගාමීව පැවැත්වෙන සම්මාන ප්රදානෝත්සවය පසුගිය නොවැම්බර් 13 වන දින අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
කොළඹ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, සමාජය තුළ කියවීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම සහ ඊට දායක වූවන් ඇගයීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිණිදුම සුනිල් සෙනෙවි මහතා සහ එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහභාගී වූහ.
ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී කියවීමේ මාසය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් දැක්වූ පුස්තකාල, පාඨකයන් සහ විවිධ අංශයන්හි ජයග්‍රාහකයන් වෙත සම්මාන සහ සහතිකපත් ප්රදානය කිරීම සිදු කෙරිණි.


