පුත්තලම සහ අම්පාර තරුණ තරුණියන් වෙනුවෙන් ධීවර ක්ෂේත්‍රයේ නව පුහුණු වැඩසටහනක්

0
10

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය තුළ නව රැකියා අවස්ථා බිහි කිරීම අරමුණු කරගනිමින්, පුත්තලම සහ අම්පාර දිස්ත්‍රික්කවල තරුණ තරුණියන් ඉලක්ක කරගත් විශේෂිත පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලය පවසන පරිදි, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ‘DVV ජාත්‍යන්තර ශ්‍රී ලංකා’ ආයතනය සමඟ එක්ව, කොළඹ, නාරාහේන්පිට ජාතික නාවිකයින්ගේ ආයතනයේදී ‘Longline Crew Member’ පුහුණු වැඩසටහනේ පළමු කණ්ඩායම මෙලෙස දියත් කර ඇත.

දක්ෂිණ සමුද්‍රීය පුහුණු ආයතනය මගින් පවත්වනු ලබන මෙම වැඩසටහන හරහා, ප්‍රායෝගික පුහුණු සැසි සහ සමාකරණ (Simulations) ක්‍රමවේද ඒකාබද්ධ කරමින් දිගු රේඛා ධීවර කර්මාන්තයේ (Longline fishing) කටයුතු කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය කුසලතා සහභාගීවන්නන්ට ලබාදෙයි.

මීට අමතරව, ධීවර යාත්‍රාවල සේවය කිරීමේදී පැවරෙන වගකීම් සහ මුහුදු ජීවිතයේ ස්වභාවය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීමද මෙම පුහුණුව යටතේ සිදුක කෙරේ.

ධීවර කර්මාන්තයට අවශ්‍ය නවීන කුසලතාවලින් තරුණ පරපුර සන්නද්ධ කරමින්, එම ක්ෂේත්‍රය තුළ තිළැලි රැකියා මාර්ග පුළුල් කිරීම මෙම ජර්මානු තානාපති කාර්යාලයේ මූලපිරීමේ ප්‍රධාන අරමුණ වී තිබේ. ඉදිරියේදී මෙම වැඩසටහන යටතේ තවත් පුහුණු කණ්ඩායම් රැසක් හඳුන්වා දීමට අපේක්ෂිත අතර, ඒ හරහා තවත් වැඩි තරුණ පිරිසකට මෙම වෘත්තීය ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව සැලසෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here