පාකිස්තාන ක්‍රිකට් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියානු හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ඇෂ්ලි නොෆ්කේ (Ashley Noffke) තම ධුරයෙන් ඉවත්ව, වසර 2ක කාලයක් සඳහා නෙදර්ලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීමට තීරණය කර තිබේ.
2027 ජූනි දක්වා පාකිස්තානය සමඟ ගිවිසුම්ගතව සිටි ඔහු මාස 18කට අඩු කාලයකින් මෙලෙස ඉවත්වන අතර, ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලෙන් අනතුරුව රයන් කුක්ගෙන් පුරප්පාඩු වූ නෙදර්ලන්ත ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.
2028 අවසානය දක්වා බලපැවැත්වෙන ඔහුගේ ගිවිසුමේ ප්‍රධාන ඉලක්කය වන්නේ 2027 එක්දින ලෝක කුසලානය සහ 2028 විස්සයි20 ලෝක කුසලානය සඳහා නෙදර්ලන්තය සුදුසුකම් ලැබීමට මෙහෙයවීමයි.
නොෆ්කේට පෙර පන්දු රැකීමේ පුහුණුකරු ෂේන් මැක්ඩර්මොට්, පිතිකරණ පුහුණුකරු හනීෆ් මලික් සහ භෞතචිකිත්සක ක්ලිෆ් ඩීකන් ද පාකිස්තාන පුහුණුකාර මණ්ඩලයෙන් ඉවත්ව ගොස් තිබීම විශේෂත්වයකි.

