මධ්යම, නැගෙනහිර සහ ඌව පළාත් මෙන්ම පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්රික්ක සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (22) පෙරවරු 11.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (23) අලුයම 1.30 දක්වා වලංගු වේ.
ඒ අනුව, අදාළ ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී එම ප්රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයන්ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් තරයේ ඉල්ලා සිටිනු ලබයි.

