පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්

0
12

ඌව, නැගෙනහිර පළාත් සහ මුලතිව්, පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ පූර්වාපර අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

අද (28) පෙරවරු 11.30 සිට රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි නිකුත් කළ මෙම නිවේදනයට අනුව, අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

අකුණු අනතුරු මෙන්ම තද සුළං නිසා සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here