කතරගම බුත්තල මාර්ගයේ රැඳී සිටින වනඅලින්ට ආහාර ලබාදෙන රථවාහන රියදුරන්ට එරෙහිව වනජීවී ආඥා පනත යටතේ දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ආහාර ලබාදීමට හුරුවීම නිසා දැනට වනඅලින් 8 දෙනෙකු පමණ දිනපතා රථවාහන නවතා ආහාර ලබා ගැනීමට පෙළඹී ඇති අතර, ආහාර නොලැබෙන අවස්ථාවලදී වාහනවලට පහරදීම සහ පෙරළීමට උත්සාහ කිරීම නිසා මෑතකදී බස් රථයක් පෙරළී 40 දෙනෙකු තුවාල ලැබූහ.
පසුගිය වසර 6 තුළ මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස්, වසරකට වාහන 100කට වැඩි ප්‍රමාණයකට හානි සිදු වේ.
ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඉන්ද්‍රජිත් මහතා සඳහන් කළේ අලින්ට ආහාර දෙන රියදුරන් වීඩියෝගත කර අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

