නාමල් රාජපක්ෂ අධිකරණයට

0
17

ශ්‍රී ලංකන් ගුවන්සේවය සඳහා එයාර්බස් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුත්ත අවසන් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (18) නියෝග කළේය.

අල්ලස් කොමිසම විසින් මේ වන විටත් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණයේ මෙම සිද්ධියට අදාළව අධි චෝදනා ගොනු කර ඇති බැවින්, අදාළ මුල් වාර්තාව සහ නඩු භාණ්ඩ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමු කර ඇති බවත්, ඒ අනුව මෙම නඩුව මෙහි අවසන් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියේ පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මියගොස් ඇති අතර, ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන්ට විවෘත වරෙන්තු නිකුත් කර ඇත. සිව්වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට මෙම නඩුවට අදාළව ඇප මත මුදා හැර සිටින අතර, අල්ලස් කොමිසමේ විමර්ශනයකට අනුව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇති හෙයින් ඔහුව හෙට (19) දක්වා බන්ධනාගාර භාරයේ තබා ගැනීමට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here