දිවයින පුරා ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 161ක් සහ රෝගීන් වාර්තා වීම ඉහළ ගිය කොට්ඨාස 59ක් මේ වන විට හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසීය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළ අතර, අද දින වන විට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 110,431ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 82ක් වාර්තා වී තිබේ. පසුගිය නොවැම්බර් 09 සිට 14 දක්වා කාලය තුළ සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී පරිශ්‍ර 177,017ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මදුරුවන් බෝ විය හැකි ස්ථාන 51,088ක් සහ මදුරු කීටයන් සිටින ස්ථාන 9,947ක් (6%) සොයාගෙන ඇත.
ඩෙංගු රෝගය තවමත් සමාජයෙන් තුරන් වී නොමැති බැවින්, මේ පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරමින් රෝගය පාලනය කර ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

